
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර එක්දින ලෝක කුසලානයේ පලමු ජයග්‍රහණය ලබාගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
ලක්නව් හි දිවා තරගයක් ලෙස පැවති තරගයේ නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ එක් පියවරක් ඉදිරියට පැමිණියේ ඇෆ්ගනිස්තානය එහි අවසන් තැනට පත්කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස්කළේය.
ඩිල්ශාන් මධුශංක සහ කසුන් රාජිත කඩුලු 4 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 263ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේ, ලෝක කුසලාන තරගාවලියේ යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තබමිනි.
විශිෂ්ට පිතිකරණයක නිරතවු සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 54ක් ලබාගත්හ.
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ලකුණු 30 බැගින් රැස්කිරීමට සමත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart