May 28, 2025

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.

සදෙව් විමන්සා රාජකරුණා, ලක්ෂිමා මෙන්ඩිස්, කාලිංග කුමාරගේ සහ හර්ෂනි ප්‍රනාන්දු යන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මිනිත්තු 3 තත්පර 21.95 ක කාලයක් වාර්තා කිරීමෙන් පසු අවසන් මහා තරගයේ තෙවැනි ස්ථානයට පත්වූහ.

ඉන්දියාව එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර චීනය රිදී පදක්කම දිනාගත්තේය..

මංතීරු උල්ලංඝනය කිරීම් හේතුවෙන් චීනය සහ ශ්‍රී ලංකාව නුසුදුස්සන් කළ බව නිවේදනය කළද, අදාළ මලල ක්‍රීඩා සම්මේලනවල අභියාචනයකින් පසුව, පදක්කම් නැවත ලබාදෙන ලදී.

මීට පෙර, 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 400 ඉසව්වෙන් කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.

කුමාරගේ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින් ගුමි හි ගුමි සිවික් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශූරතාවලියේදී පිරිමි මීටර් 400 අවසන් මහා තරගයේදී තෙවැනි ස්ථානයට පත්විය.

කුමාරගේ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින් මෙම වාරයේ හොඳම කාලය වාර්තා කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක කාන්තා මීටර් 400 අවසන් තරගයේදී තත්පර 54.70 ක කාලයක් වාර්තා කර හත්වැනි ස්ථානයට පත්විය.

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි 31 දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ.