
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සමාගම් රැසක් අප්‍රිකාවේ සහ අනෙකුත් කලාපවල මෙහෙයුම් ඉහළ නැංවීම සඳහා සූදානම් වන අතර ඒ වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙරට තානාපතිවරුන් අප්‍රිකානු කලාපය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීමේ හැකියාව සහ වෙළඳපොළ ගැන සාකච්ඡා කිරීමට පෙළඹී ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අමෙරිකානු තීරුබදු පැනවීම බවත් පැවැසේ.
එහිදී නිෂ්පාදන හඳුනාගැනීම සහ දේශීය කර්මාන්ත සඳහා නව වෙළඳපොළ සොයාගැනීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය තානාපතිවරුන් පිරිසක් හමුවී ඇති අතර එම අවස්ථාව සංවිධාන කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි.
යාන්ත්‍රික, විදුලි හා ජලනල, ජලවිදුලි, ඇඟලුම්, රබර් නිෂ්පාදන, ඉදිකිරීම්, පුනර්ජනනීය බලශක්ති යනාදී ක්ෂේත්‍රවලට සම්බන්ධ ශ්‍රී ලාංකික සමාගම් නැගෙනහිර අප්‍රිකානු කලාපයට සහ විශාල ඉන්දියන් සාගර කලාපයට මෙහෙයුම් මාරුකරමින් සිටින බව ඉහළ නිලධාරීහු පවසති.
එහිදී ජනප්‍රිය රටවල් වන්නේ කෙන්යාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයිනයි.
මෙම අර්බුදකාරී අවස්ථාවේදී මෙවැනි ගමනාන්තයකට භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කිරීම කාලෝචිත බව ආර්ථික විශේඥයෝ පෙන්වාදෙති.
එමෙන්ම සේවා අංශයේ ඇතැම් සමාගම් සිය කාර්යාල විවෘත කිරීම සඳහා සිංගප්පූරුවට සහ ඩුබායි වෙත ගමන් කරමින් සිටින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නිලධාරීහු පවසති.
නිෂ්පාදන සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල ලැයිස්තුගත සමාගම් බංග්ලාදේශයේ මෙන්ම ඊශ්‍රායලයේ ද පදනම් පුළුල් කරමින් සිටින බව පැවැසේ.
කෙසේවෙතත්, විශ්ලේෂකයන් පවසන්නේ, විදේශයන්වල පිහිටි සමාගම් මෙහෙයවීම සඳහා නිවැරදි කළමණාකරණ කුසලතාවයන් සොයාගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාව තවමත් මුහුණදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart