May 2, 2025

RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.

ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.

නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි භෞතික ප්‍රහාර ජනමාධ්‍ය නිදහසේ වඩාත්ම දෘශ්‍යමාන උල්ලංඝනයන් වුවද, ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

RSF ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකයේ ආර්ථික දර්ශකය පෙර නොවූ විරූ තීරණාත්මක පහත් මට්ටමක පවතින අතර, එය එය 2025 වසරේදී ද අඛණ්ඩව ඒ ආකාරයෙන්ම පවතී.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය තත්ත්වය ඉතිහාසයේ ප්‍රථම වතාවට දුෂ්කර තත්වයක් ලෙස එම දර්ශකය මගින් වර්ගීකරණය කර ඇත.