
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කරන බව රජය නිවේදනය කරයි.
මිට අදාළව කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබේ.
එම කැබිනට් පත්‍රිකාවේ මෙලෙස සඳහන් වේ.
“ශ්‍රී ලංකා රජය ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.”
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මාසයේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart