
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට මියන්මාරයේ මියාවඩි (Myawaddy) ප්‍රදේශයේ සිටින වහල් කඳවුරුවලින් බේරාගත් ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් ආපසු ගෙන්වාගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තායිලන්තයෙන් සහාය ඉල්ලා තිබේ.
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මේ සම්බන්ධයෙන් ඊයේ (මාර්තු 14) තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති Parnpree Bahiddha-Nukara සමඟ දුරකථන සංවාදයක නිරතවී තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට අනුව, ජාවාරමට ලක් වූ බව කියන මුදාගත් ශ්‍රී ලාංකිකයන් තායිලන්තය හරහා ආපසු ගෙන්වාගැනීමට පහසුකම් සැලසීමට තායි විදේශ ඇමැතිවරයා එකඟවී තිබේ.
මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ දැනට මියන්මාර රජයේ ආරක්‍ෂාව යටතේ සිටින ශ්‍රී ලාංකිකයන් අටදෙනාට යැංගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පහසුකම් ඇතිව ආහාරපාන සහ මූලික අවශ්‍යතා ඇතුළු අවශ්‍ය ආධාර ලබාදී ඇත.
යැන්ගොන් සහ බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සහ ඉක්මනින් ආපසු ගෙන්වාගැනීම සහතික කිරීම සඳහා සමීපව කටයුතු කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ,, මයවාඩි ප්‍රදේශයේ සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයින් බේරාගෙන නැවත ගෙන්වා ගැනීම සඳහා ද අඛණ්ඩව කටයුතු කරන බවයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා තායිලන්තයට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 56කට ආසන්න පිරිසක්, ඒ වෙනුවට ජාවාරම් කර මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක වන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සිරකර තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart