
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි අරාබියේ පැවැති 2025 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනකු ඔවුන්ගේ කෙටි දුර ධාවන ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වී තිබේ.
එක් ක්‍රීඩිකාවකගේ පුහුණුකරුට අනුව, මෙම කෙටි දුර ධාවන ක්‍රීඩිකාවන් දෙදෙනා වයස අවුරුදු 18න් පහළ මීටර් 1500 කාන්තා ඉසව්ව ආරම්භ කිරීමට මිනිත්තු 35කට පෙර වාර්තා කිරීමට නියමිතව තිබුණද, ඔවුන් සමඟ සිටි නිලධාරීන් නියමිත වේලාවට එම ක්‍රීඩිකාවන් එම ස්ථානයට කැඳාවා ගැනීමට අපොහොසත් වී ඇත.
“ඉසව්ව තිබුණේ 6.40 ට. පළමු ඇමතුම සඳහා 6.10 ට වාර්තා කළ යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6.20 ට ඉසව්වට ගෙන්වාගෙන තිබුණා. ඒ නිසා ඔවුන් නුසුදුස්සන් වුණා. කළමනාකරුවෙක්, පුහුණුකරුවන් තිදෙනෙක් සහ නිලධාරිනියක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගියා. ඔවුන්ගේ නොසැලකිල්ල නිසා මේක වෙලා තියෙන්නේ . මොවුන් සම්බන්ධයෙන් පමණක් නොව සියලුම ක්‍රීඩකයන් ගැන සැලකිලිමත් විය යුතුයි.”
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන නිදුකි ප්‍රාර්ථනා සහ අයේෂා සෙව්වන්දි දෙදෙනාම මිනිත්තු 4 යි තත්පර 41 යි මිනිත්තු 4 යි තත්පර 43 ක කාලසීමාවක සිය ධාවන කාලය වාර්තා කර ඇති බව පෙන්වාදෙන ඔවුන්ගේ පුහුණුකරු, ඔවුන්ට මිනිත්තු 4 යි තත්පර 58 කින් එම ඉසව්ව ජයගත් චීන ක්‍රීඩිකාව පහසුවෙන් පරාජය කළ හැකිව තිබූ බව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් අහිමිවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු සහ ඥාතීන්, මෙම යොවුන් ධාවන ක්‍රීඩකයන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඔවුන්ගේ නුසුදුසුකමට වගකිවයුත්තන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart