
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාව අද සමත් විය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය දිනක් ඉතිරිව තිබියදි කඩුලු 09කින් ජයගනිමින් ඕස්ට්‍රේලියාව මෙම පූර්ණ තරගාවලි ජය වාර්තා කළේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත් විය.
එහිදී ඇලෙක්ස් කේරී ලකුණු 156ක් සහ නායක ස්ටීව් ස්මිත් ලකුණු 131ක් රැස්කළහ.
අනතුරුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි ඉනිම තරගයේ හතරවන දිනය වූ අද ලකුණු 231 කට සිමාවිය.
ඒ අනුව, ඕස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 75ක් ලබාගනිමින් දෙවැනි ටෙස්ට් තරගයේ ජය වාර්තා කළේය.
මෙම තරගයේදි ප්‍රභාත් ජයසුරිය කඩුලු 06ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මෙන්ම හිටපු නායකයකු වන දිමුත් කරුණාරත්න ද මෙම තරගයෙන් පසු අන්තර්ජාතික ටෙස්ට් දිවිය නිමාකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart