
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා සමඟ පැවැත්වූ සාර්ථක සාකච්ඡාවකින් පසු, කණ්ඩායම් 14 කින් සමන්විත වයස අවුරුදු 50 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට සත්කාරකත්වය සපයනු ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළකරයි.
ෂා තම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත්, මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයට විශාල රුකුලක් වනු ඇති බවත් ඇමැති ප්‍රනාන්දු පවසයි.
ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පළකළේ කොළඹ සංචාරක අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
මේ අතර, අතුරු කමිටු පත්කිරීමේ ක්‍රීඩා ඇමැතිවරයාගේ බලතලවලින් ජාතික ක්‍රීඩා සංගම් ඉවත්කර, ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රීඩා පනත මගින් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
අතුරු කමිටු පත්කිරීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් යම් යම් බලපෑම් ඇති විය හැකි බව තමන්ද පිළිගත් බවයි ඇමැති ප්‍රනාන්දු සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැඩි විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල්වලින් සියයට 20ක් ICC විසින් සාමාජික රටවලට ලබාදෙන මුල්‍ය ආධාර යටතේ ලබාගැනීමට ගත් උත්සාහය ICC නියෝජිත පිරිස අනුමත කර නැති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
මීට අමතරව, ජාතික කණ්ඩායමක් විදෙස් තරගාවලියකට සහභාගි කරවීමට ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත්වීම සහ තේරීම් කමිටු සඳහා සාමාජිකයන් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීම හේතුවෙන් යම් යම් බලපෑම් ඇති විය හැකි බවද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart