
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙස්ට් තරග 100ක සුවිශේෂී සන්ධිස්ථානයට ළඟාවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රවීණ පිතිකරු දිමුත් කරුණාරත්නට උපහාර දැක්වීය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මෙම ජයග්‍රහණය අත්කර ගත් කරුණාරත්නට, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට පෙර පැවති විශේෂ උත්සවයකදී උපහාර පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා ජාතිකකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක යන පිරිස සහභාගී වූහ.
ජාතික කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහ සහායක කාර්ය මණ්ඩලය ද ඊට සහභාගී වූහ.
මෙම අවස්ථාව නැරඹීමට දිමුත්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයෝ ඔහු සමඟ පැමිණ සිටියහ.
උපහාර උළෙලේ කොටසක් ලෙස, මෙරට ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හත්දෙනාගෙන් එක් අයෙකු වන සනත් ජයසූරිය දිමුත් කරුණාරත්නට ඔහුගේ 100 වැනි ටෙස්ට් තොප්පිය සමරුවක් ලෙස ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ආචාර්ය ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් විශේෂ සමරු ඵලකයක් සහ තෑග්ගක් ප්‍රදානය කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart