
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ජීවන වියදමක, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරනසම්මත වීමට නියමිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතක්, ඉදිරි අයවැයක් සහ එහි ඇති දේ, බදු සහ තවත් බොහෝ දේ වැනි සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියට දැඩි ලෙස දැනෙන දැවෙන ප්‍රශ්නවලට රට මුහුණ දී තිබියදීත්,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225දෙනා ඊයේ දින මුළු දිනයම ක්‍රිකට් ගැන විවාද කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා ඉදිරිපත් කිරීම සුදුසු බව තීරණය කළහ.
මුළු දවස විවාදයකින් අනතුරුව, දවස අවසානයේදී මුලින් සැලසුම් කළ පරිදි ඡන්දයක් නොපැවැත්වූ අතර, ෂම්මි ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාව ආණ්ඩුව සහ විපක්ෂය විසින් ඒකමතිකව සම්මත කරන ලදී.
එසේ නම් ක්‍රීඩා ඇමැතිවරයා මුලින් නිකුත් කළ ගැසට් පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන ආකාරයට, රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් සම්පුර්ණ දිනයක පාර්ලිමේන්තු රැස්වීමක් වෙනුවෙන් වැය කරමින් එම යෝජනාවවිවාදයට ගත්තේ ඇයිද යන්න මෙහිදී බරපතළ ප්‍රශ්නයක් ලෙස මතුවේ.
එය පැහැදිලිවම දේශපාලන නායකත්වයට ආරක්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් එකිනෙකාට බැන අඬගසා ගැනීමක් වූවා මිස ජනතාව වෙනුවෙන් පැවැත්වූ විවාදයක් නොවීය.
එහෙත් ඊට වැයකෙරුණේ කුසගින්නේ සිටින බහුතරයක් ජනතාව සූරා ලබාගන්නා බදු මුදල් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart