
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නා ලදී.
තුන්වැනි තරගය ඊයේ (19) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ අතර පළමුව නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.
නවසීලන්ත ඉනිමේ 21 වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.
වර්ෂාව හමුවේ තරගය අත්හැරීමට විනිසුරුවන්ට සිදුවූ අතර, නවසීලන්තය ඒ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart