
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැනෝ තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය (IT) සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්‍ෂණයන් පිළිබඳව ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකිකයන් සූදානම් විය යුතු බවත්, මේවා ලෝකයේ වැදගත්ම ක්ෂේත්‍ර වන නමුත්, ශ්‍රී ලාංකිකයන් ඒ වෙනුවෙන් සූදානම් වීමේදී අනෙකුත් රටවලට වඩා වසර 15ක් පමණ පිටුපසින් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හෙළිකළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් තෝරාගත් පාසල් 100ක කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී ඊයේ එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
විසිඑක්වැනි සියවසේ සෑම ක්ෂේත්‍රයකම පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා AI තාක්ෂණය අදාළ වන අතර එය ශ්‍රී ලංකාවට මුහුණ දිය යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් බවද ඇමැතිවරයා පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart