
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ සිව්දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වූ එස්. ශ්‍රීදරන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ.ස්ටාලින්ට ලිපියක් යොමුකර තිබේ.
දැනට එම සිරකරුවන් තමිල්නාඩු ප්‍රාන්තයේ බන්ධනාගාරයක සිටින අතර ඔවුන් නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා ඇත්තේ උතුරේ ජනතාවට එම වැරදිකරුවන් වඩා හොඳින් බලාගත හැකි බව පෙන්වා දෙමිනි.
සාන්තන්, මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන සිව්දෙනා අදාළ සිරකරුවන් වේ.
එස්. ශ්‍රීදරන්ගේ මෙම පියවරට උතුරේ දෙමළ මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණි.
එහෙත් එහිදී ඔහු ප්‍රධාන සාධක දෙකක් ගැන දැන සිට නැති බව කියැවේ.
එකක් නම්, ජනවාරි 29 වැනි දින මහ ඇමති ස්ටාලින් වෙත යවන ලද ලිපියේ ITAK නායකයා ලෙසත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් අත්සන් කර තිබුණද ඔහුට එවැනි ඉල්ලීමක් කිරීමට බලයක් නොතිබීමය.
අනෙක වන්නේ ස්ටාලින් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා පමණක් වන අතර මධ්‍යම රජය සමඟ පවතින විෂයක නියැලීමට ඔහුට බලයක් නොමැති බවයි.
එබැවින් එය සම්පූර්ණයෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා රජයන්ට අදාළ කාරණයකි.
ශ්‍රීදරන් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් ද හමු වී තිබිණි.
රැස්වීමෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ITAK සභාපති ලෙස පත්වීමෙන් පසු ශ්‍රීදරන් සමඟ ප්‍රයෝජනවත් හමුවක් සිදු වූ අතර උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවගේ ප්‍රධාන ගැටලු විසඳීමේදී ඔහුගේ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කළ බවයි.
කෙසේවෙතත්, ඔහුට ඉන්දියාවේ මහ කොමසාරිස් සන්තෝෂ් ජා සමඟ එවැනි මුහුණට මුහුණ සාකච්ඡාවකට සහභාගී වීමට නොහැකි වී ඇත.
ජනවාරි 23 වැනි දින නව ඉන්දීය මහ කොමසාරිස්වරයා අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන් සහ උතුරු නැගෙනහිර පක්ෂ නායකයන් හමු වූ අතර ජනවාරි 21 වැනි දින පක්ෂ නායකයා ලෙස තේරී පත්වීමෙන් පසු සිදු වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස ඇතැම්විට ශ්‍රීදරන් එය ගණන් ගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart