
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනාද සිටින බව වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ වාර්තා අදාළ තැනැත්තියන්ගේ නම් පවතින බව Daily mirror වාර්තා කර ඇත.
2022 ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කෙටුම්පතක් පසුගිය සතියේ හෙළිදරව් කෙරිණි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඕස්ට්‍රේලියාවට යැවීමට නිර්දේශ කළ ලෙස බාහිර පුද්ගලයන් 35 දෙනකුගේ නම් හෙළිදරව් කර ඇත.
අදාළ නිර්දේශිත නම් අතරට ක්‍රීඩා ඇමතිවරයාගේ දියණියන් ලෙස සැළකෙන ආර්.ඒ.ෂනාලි දිනුෂිකා සහ ආර්.ඒ.සාරා දිනාලිගේ නම්ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, වීසා බලපත්‍ර අවශ්‍ය පුද්ගලයන්ට ලෝක කුසලානය නැරඹීමට ලිපි නිකුත් කළත්, ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබානොදුන් බවයි.
ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට වෙනුවෙන් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
Daily mirror කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා ප්‍රකාශ කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට අවශ්‍ය නොවන බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart