
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ පින්තූර අන්තර්ජාලය තුළ සන්තකයේ තබාගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
අමෙරිකාවේ අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊයේ මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.
අමෙරිකාවේ අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය යනු රටවල් 08ක සාමාජිකයින් සිටින සංවිධානයක් වන අතර, එහි සාමාජික රටවල බාලවයස්කාර දරුවන්ගේ පැහැදිලි වීඩියෝ දර්ශන සහ පින්තූර අන්තර්ජාලයේ හුවමාරු වන ආකාරය හඳුනාගත හැකි මෘදුකාංගයක් එය සතුව ඇති බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ මෙවැනි විකෘති සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ පින්තූර අන්තර්ජාලයට බෙදාහැරීමට බලාපොරොත්තු වන පාර්ශ්ව කිහිපයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පවසමින් එම ආයතනය අධිකරණයට ප්‍රකාශ කළේ, කෙසේවෙතත් මෙතෙක් ඊට සම්බන්ධ පුද්ගලයන් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart