
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්‍ෂිත වැටට, අලි ඇතුන් ඇතුළුවීම හේතුවෙන් හානි සිදුවී ඇති බැවින්, එම ගැටළුව විසඳීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
රැස්වීමේ මූලික අවධානය යොමුව ඇත්තේ, අවට ප්‍රදේශයේ ගැවසෙන අලි ඇතුන්ගෙන් ආරක්‍ෂිත වැටට නැවත නැවත සිදුවන හානි වළක්වාගැනීම බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්ෂාව යන දෙකටම ඇතිවිය හැකි තර්ජනය හඳුනාගනිමින්, ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශවකරුවන්ට ඊට වහාම පියවර ගන්නා ලෙස ලබා උපදෙස් දී තිබේ.
පවතින හානි කඩිනමින් අලුත්වැඩියා කිරීම පමණක් නොව, අනාගත සිදුවීම් වළක්වාගැනීම සඳහා දිගුකාලීන, තිරසාර විසඳුමක් සකස් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කර ඇත.
ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම මෙම රැස්වීමට සහභාගීවී තිබේ.
සාකච්ඡාවලදී ප්‍රදේශයේ වනජීවීන්ගේ චලන රටා සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක ශක්තිය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.
සතුන්ගේ ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන්තොටුපොළේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්ෂක ලේකම්වරයා එහිදි අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart