May 23, 2025

විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මෑතකදී පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න නිවේදනය කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා පැවසුවේ කමිටුවේ ප්‍රධානත්වය නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර විසින් දරනු ඇති බවයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කමිටුවේ ඉතිරි සාමාජිකයන් බව ඔහු තවදුරටත් පැවසීය.

“මට ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව කමිටුව පත් කර තිබෙනවා. 2025 මැයි 20 වැනි දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකරගේ හැසිරීම පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී තිබෙනවා,” යනුවෙන් කථානායකවරයා තවදුරටත් පැවසීය.