
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් ඉලක්කකර පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීම් එම ප්‍රදේශයට පමණක් සීමා වූ මෙහෙයුමක් වුවද නිසි තොරතුරක් ලැබුණහොත් අනෙකුත් ස්ථාන සම්බන්ධයෙන්ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.
ස්පා පවත්වාගෙන යෑම අපරාධයක් නොවන බවත් එම නිසා ස්පා පවත්වාගෙන ගිය පමණින් වැටලීමක් සිදු නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව අවධාරණය කර තිබේ.
ඔහු සඳහන් කළේ වැටලීමක් කිරීමට ප්‍රමාණවත් හේතු තිබේ නම් පොලිසියට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව එවැනි මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මීගමුව ප්‍රදේශයේ මෙහෙයුම අතරතුර ස්පා මධ්‍යස්ථාන 53ක් වටලා තිබිණි.
ස්පා මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යන බවට ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර තිබේ.
ඔහුට අනුව, අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන්ගේ වෛද්‍ය පරීක්‍ෂණවලදී HIV වැළඳී ඇති බව සනාථ වූ පසුබිමක තවත් වැටලීම් සිදුකර තිබේ.
මීගමුව ප්‍රදේශයේ ආයුර්වේද ස්පා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගණිකා මඩම් ඉලක්ක කරගනිමින් පොලිසිය කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්‍ෂණවලට ලක් කළ කාන්තාවන් කිහිප දෙනෙකුට HIV ආසාදනය වී ඇතැයි වාර්තා වීමත් සමඟ රට පුරා හතු පිපෙන්නාක් මෙන් පැතිර යන ස්පා මධ්‍යස්ථාන පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart