
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබාගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬු කඳුළින් ඔහුට කී ප්‍රශ්නයක් නිසා හිත උණු වී ආපසු පිටතට ගොස් ඇති බව හෙළිවූයේ යැයි මීගමුව පොලිසිය ‘දිවයින’ ට පවසා ඇත.
එම වාර්තාවට අනුව, “ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න” යැයි එම තැනැත්තා ඇයට කියමින් සිය දුරකථන අංකය ද ඇතුළත් කාඩ්පතක් ඇයට දී ඇතැයි පොලිසිය පවසයි.
මේ අනුව, එම තැනැත්තා පොලිසිය මගින් ගෙන්වා ගෙන ඔහුගෙන් කටඋත්තරයක්ද ගෙන තිබේ.
“මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා. ඇය හඬන්නට පටන් ගත්තා” යැයි ඔහු පවසා ඇත.
මෙම 15 හැවිරිදි දැරිය ගෙදරින් තරහ වී එද්දී ඇගේ ඥාතීයෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇය භාරදී ඇත්තේ රුපියල් 15,000 ක මුදලකට බවද පොලිසිය සඳහන් කර ඇත.
පොලිසිය මීට අදාළ වැටළීම කිරීමට දින තුනකට පෙර ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තිබීම නිසා ඇය වැඩි කාලයක් එහි සේවය කර නැතැයි ද පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart