
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ.
අධිකරණ විනිසුරු මඩුල්ල දෝෂාභියෝගය තහවුරු කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම තීන්දුවට අනුව දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය.
යූන්ගේ පීපල් පවර් පක්ෂය සඳහන් කර ඇත්තේ අධිකරණයේ ප්‍රතිඵලය පිළිගන්නා අතර ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනිදා යුධ නීතිය පැනවීමට ගත් තීරණය හේතුවෙන් ඔහු එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයකින් යූන් සුක් යෙඕල් පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart