
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී 2025 මැයි 10 සිට 18 දක්වා දවස පුරා පැවත්වේ.
ආලෝක සංදර්ශනයකින් ඔබ්බට ගිය ‘වෙසක් රශ්මි ධාරා’ යනු ඩිජිටල් නිර්මාණකරණය ඔස්සේ බුද්ධ චරිතය සහ බොදු ඉගැන්වීම් පිළිබඳ ගැඹුරින් විමසීමට අවකාශය සකසන පරිවර්තනීය කලාත්මක අත්දැකීමකී. නවීන ප්රක්ෂේපණ තාක්ෂණය සහ කලාත්මක ප්රකාශනය භාවිතයෙන් ආලෝකය, වර්ණ සහ හැඟීම් මැනවින් මුසු කොට නිර්මාණය කරන ලද මෙම සංදර්ශනය ඔස්සේ සදාතනික බෞද්ධ ප්‍රඥාවේ ගැඹුරු හරයන් සමාජ ජීවිතයට සමීප කරවයි. සවස් කාලයට පමණක් සීමා වූ සම්ප්‍රදායික වෙසක් සැමරුම් අතික්‍රමණය කරමින් උදෑසන සිට රාත්‍රී කාලය දක්වා මෙම අත්දැකීම විඳගැනීමට අවස්ථාව ජනතාව වෙත සලසා දී තිබීමද විශේෂත්වයකී.
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ සංකල්පය මෙවර ප්‍රදර්ශනයේ තේමාව ලෙස යොදාගෙන තිබේ. සමාජය තුළ සමගිය සහ පුද්ගල අභ්‍යන්තර සාමය පෝෂණය කිරීම කෙරෙහි මෙම උතුම් බොදු ඉගැන්වීම් බෙහෙවින් ඉවහල් වේ.ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දිගහැරෙන මෙම අත්දැකීම හරහා ආධ්‍යාත්මික සහ චිත්තවේගීය සබඳතාවන් විමසීමට නරඹන්නන්ට අවස්ථාව හිමිවේ.
Bling Productions හි සම නිර්මාතෘ මාලන් ජේසුදාසන් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අධ්‍යාත්මික බව සහ ඩිජිටල් කලාව මැනවින් සංයෝජනය වූ මෙම විශේෂ අත්දැකීම ක්‍රෝධය , වෛරය සහ ඊර්ෂ්‍යාව වැනි සෘණාත්මක හැඟීම්වලින් බැහැරවෙමින් සාමය, සහවේදනය සහ දැනුවත්භාවය සමඟ සමාජ සම්බන්ධතාවයන් නැවත ගොඩනඟා ගැනීමට මෙම නිර්මාණය උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ආධ්‍යාත්මික පරිවර්තනය සහ නවෝත්පාදනය යන කරුණු ද්විත්වයම තාක්ෂණය හරහා අරුත් ගැන්වූ නව්‍ය නිර්මාණයක් ලෙස වෙසක් රශ්ම ධාරා හැඳින්විය හැකියි.”
මෙම ඩිජිටල් කලා අත්දැකීම කලාප කිහිපයක් ඔස්සේ ඉදිරිපත් කර ඇත. සිදුහත් කුමරුගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් තෙමඟුල මෙහි 1 කලාපයෙන් නිරූපණය කර තිබේ. එමෙන්ම මෙහි 2A කලාපයේ ‘මහා සස ජාතකය’ නිරූපණය කරන අතර සදාචාරාත්මක වශයෙන් සමාජය ගොඩනැගීම, සාමය පවත්වා ගැනීම සහ සහජීවනය වැනි මූලික බෞද්ධ මූලධර්මයන් එමඟින් ඉස්මතු කරයි. මෙහි 2B කලාපයේ බුද්ධ රශ්මි ආලෝක රටාවන් ප්‍රදර්ශනය කරන අතර 3A කලාපයේ මහා කැරකෙන ඩිජිටල් වෙසක් පහන් කූඩුව සහ අටලෝ දහම මෙනෙහි කරනු ලබන අටපට්ටම් පහන් කූඩූ ඇතුළු ඩිජිටල් නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කර තිබේ.එමෙන්ම තවත් විචිත්‍රවත් ඩිජිටල් වෙසක් සැරසිලි රාශියක් මෙහි 3D කලාපයේදී ඉදිරිපත් කර තිබෙන අතර සියලුම නරඹන්නන්හට මෙය නිසැකවම අද්විතීය අත්දැකීමක් වනු ඇත.
‘වෙසක් රශ්මි ධාරා’ යනු දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය වන Bling Productions හි තවත් සුවිශේෂී පියවරකී. කොළඹ නෙළුම් කුලුන, Bling Productions සහ Eyeon හි සහයෝගීතාවයෙන් ගොඩනංවන ලද මෙහි මෙහෙයුම් කටයුතු ඉංජිනේරුවන්, නිර්මාණකරුවන් සහ කලාකරුවන් ඇතුළු විවිධ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගෙන් සැදුම් ලත් බහුවිධ කණ්ඩායමකගේ දායකත්වයෙන් සිදු කෙරේ.මෙය Epson ලේසර් ප්‍රොජෙක්ටර් මඟින් බලගැන්වෙන අතර එමඟින් මෙහි දෝෂ රහිත දෘශ්‍ය අත්දැකීම් සහතික කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart