
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයාබලනු ඇති බවත් උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ අද (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
උතුරු පළාතේ කර්මාන්තකරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඔව්හු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබීය.
උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබාදෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එසේම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් උතුරු පළාතට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උතුරු පළාත ජාතික ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, ඊට අදාළව මතුව ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart