
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිතයැයි හඳුනාගත් කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තාව ශ්‍රී ලංකාව සතු බව වෙරිටේ රිසර්ච්හි නව වාර්තාවකින් හෙළිකර තිබේ.
එම වාර්තාව පෙන්වාදෙන්නේ ප්‍රසම්පාදනයේදී දූෂිත හා වංචනික ක්‍රියාකාරකම්වල යෙදීම අසාදු ලේඛනගත කිරීමට වලංගු හේතුවක් ලෙස හඳුනානොගන්නා සහ ප්‍රතිපාදන තිබියදීත්, ගිවිසුම්ගත බැඳීම් පැහැරහැර ඇති කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කර නොමැති දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවයි.
ඖෂධ ප්‍රසම්පාදනය වැනි අවස්ථා කිහිපයකදී හැර ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ප්‍රසම්පාදනය පාහේ පාලනය කරන 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල පවතින හිඩැස් පළමු කරුණට හේතුවිය හැකි බව එම වාර්තාව කියයි.
දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ මූල්‍ය පාලනය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම හිඩැස් කඩිනමින් සකස් කිරීමේ වැදගත්කම එම වාර්තාව අවධාරණය කරයි.
පැහැරහැරීමේ කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත නොකිරීම මගින් පෙන්නුම් කරන්නේ පවතින රෙගුලාසිවලට අනුකූල නොවීමක් බවයැයි එම වාර්තාව පෙන්වාදෙයි.
පැහැරහැරීමේ කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව, ඔවුන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක ප්‍රකාශයට පත් කිරීමට ද ශ්‍රී ලංකාවට ප්‍රතිපාදන තිබේ.
කෙසේවෙතත්, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම දත්ත ගබඩාව දැනට හිස්ය.
ඊට වෙනස්ව, 2023 ජූලි වන විට, නේපාලයේ අන්තර්ජාල දත්ත ගබඩාවේ ඇතුළත් කිරීම් 629ක් සහ බංග්ලාදේශයේ 510ක් තිබූ බව වාර්තාව පෙන්වාදෙයි.
ප්‍රසම්පාදනයේ ඉහළ මට්ටමේ දූෂණ සහ එය නිවැරදි කිරීමේ වැදගත්කම අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ ගැටලු විනිශ්චයේදී ද ඉස්මතු කර තිබිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ 2024 දෙසැම්බර් වන විට අන්තර්ජාතික හොඳම භාවිතයන් පිළිබිඹු කරන පොදු ප්‍රසම්පාදන නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart