May 19, 2025

විපක්ෂයට බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මූලික එකඟතාවයකට පැමිණ තිබේ.

අද උදෑසන සජබ සහ එජාපය යන දෙපාර්ශවයේම නියෝජිතයන් අතර පැවති රැස්වීමකදී මෙම එකඟතාවකට එළඹ ඇත.

මෙම සාකච්ඡාව සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තලතා අතුකෝරළ, සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන එක්ව ඇත.