
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ස්මාර්ට් පන්තිකාමර වැඩසටහනේ 73 වැනි අදියර ඊයේ (ජනවාරි 31) දික්වැල්ල මින්හාත් ජාතික පාසලේදී ක්‍රියාත්මක විය.
විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය විසින් රුපියල් මිලියන 1 ක් වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් මෙහිදී පරිත්‍යාග කළේය.
මේ අතර, සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ලද ‘හුස්ම’ වැඩසටහන යටතේ ද රට පුරා රෝහල් 56ක් සඳහා රුපියල් මිලියන 171.9ක් පරිත්‍යාග කර ඇත.
ප්‍රවාහන බස් රථ ලබාදීමේ වැඩසටහන යටතේ සමගි ජන බලවේගය බස් රථ 80ක් ප්‍රදානය කර ඇති අතර එහි වටිනාකම බස් රථයකට මිලියන 5 බැගින් මිලියන 389.2කට ආසන්න වේ.
තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ස්මාර්ට් පන්තිකාමර 73ක් සඳහා උපකරණ ලබා දීමට සමගි ජන බලවේගය රුපියල් මිලියන 70.7ක් වැයකර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart