
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළුවීම සඳහා රජය සමග ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගම, ඉදිරියේදී සිය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, නිරන්තරයෙන් සමගම සතුව මාසයකට ප්‍රමාණවත් අතිරේක ඉන්ධන සංචිතයක්(buffer stocks) පවත්වාගෙන යෑමට එකඟවී ඇතැයි අනාවරණය වේ.
සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව සමග අත්සන් කළ ගිවිසුමට අනුව රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවීම සඳහා අදාළ ගිවිසුමට මෙම වගන්තිය ඇතුළත් කර ඇතැයි පැවැසේ.
ඒ අනුව සිනොපෙක් සමාගමට සිය අතිරේක ඉන්ධන තොග ගබඩා කර තැබීම වෙනුවෙන් සිලෝන් පෙට්‍රෝලියම් පර්යන්ත සමාගම(Ceylon Petroleum Storage Terminals Limited (CPSTL)) සතු ගබඩා ටැංකි ලබාදෙනු ඇත.
පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව චීනයේ Sinopec සහ එක්සත් ජනපදයේ RM Parks (ෂෙල් සමාගමද සමඟ එක්ව) සමඟ ගිවිසුම් දෙකක් අත්සන් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා වෙළඳපොළට පැමිණෙන සියලුම විදේශීය ඉන්ධන අලෙවිකරුවන්ට සිනොපෙක් සමග අත්සන් කළ ගිවිසුමේ කොන්දේසි අදාළ වන බවද බලශක්ති අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart