
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් හෙවත් සිනොපෙක් සමාගම විසින් අද (ජනවාරි 01) සිට ක්‍රියාත්මක සංශෝධිත එකතු කළ අගය මත බද්ද එකතු කිරීමෙන් පසු ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව, සිනොපෙක්හි සංශෝධිත ඉන්ධන ලීටරයක මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ මිලට වඩා තරමක් අඩුය.
සිනොපෙක්හි පෙට්‍රල් 92 ලීටරයක සංශෝධිත මිල රුපියල් 363කි. ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් 92 ලීටරයක වත්මන් අලෙවි මිල වන්නේ රුපියල් 366කි. ඒ අනුව සිනොපෙක්හි පෙට්‍රල් ලීටරයක විකුණුම් මිල රුපියල් රුපියල් 03කින් අඩුවේ.
සිනොපෙක්හි ඔටෝ ඩීසල් ලීටරයක සංශෝධිත මිල රුපියල් 355ක් වේ. එය සංස්ථා පිරවුම්හල් වල අලෙවි කරන්නේ රුපියල් 358ක මිලකටය.
සිනොපෙක් පිරවුම්හල්වල පෙට්‍රල් 95 ලීටරයක සංශෝධිත මිල රුපියල් 464ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක සංශෝමිලධිත මිල රුපියල් 475කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart