
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම්වන ලෙස දන්වා තිබේ.
ටෙල් අවිව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, අනවශ්‍ය කටයුතු සඳහා තම සේවා ස්ථානවලින් පිටතට නොයන ලෙසයි.
එසේම, විවිධ රෝග සඳහා ඖෂධ ලබාගන්නා ශ්‍රී ලාංකිකයන් හට හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දීර්ඝ කාලයක් සඳහා ප්‍රමාණවත් ඖෂධ ළඟ තබාගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.
ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ වැඩිපුරම සේවය කරන්නේ, ගොවිපල සේවකයන් සහ භාරකරුවන් ලෙසයි.
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, එක්සත් ජනපදය ඊශ්‍රායලයට දැනුම්දී ඇත්තේ ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසයි.
ඊශ්‍රායලය පහරදුන හොත් අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉරානයද සූදානම් බව නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart