June 22, 2025

නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරාගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකි.

නාරහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්‍රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.