
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහියංගණ, දඹාන, කුකුළාපොල සෝනුත්තර මහා විහාරයට අද(11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවකුට හානි සිදුව නොමැති අතර, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිඳී තිබේ.
කුකුළාපොල ගම්මානයේ සිදුවන ජාවාරම්වලට විරෝධතාව දැක්වීම හේතුවෙන්, ජාවාරම්කාර පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇතැයි සැක බව විහාරාධිපති පොල්පැල කැටියේ පඤ්ඤාරතන හිමියෝ පවසා ඇත.
විහාරාධිපතිහිමිගේ පැමිණිල්ලෙන් පසු දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරින් එම ස්ථානයට ගොස් සිද්ධිය නිරික්ෂණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයකු මහියංගණ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart