August 6, 2025

මහරගම, නාවින්න ප්‍රදේශයේ අද (06) වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

පොලිසියට අනුව, ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු වෙඩිතැබීම සිදුකර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.