
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් නිවසේ ජනේලයකට හානි සිදුවී ඇතත්, කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ද පොලිසිය පවසයි.
වෙඩි තැබීමට හේතුව තවමත් තහවුරු වී නොමැත.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසියට ලබා දී ඇති තොරතුරුවලට පළිගැනීමක් ලෙස මෙය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart