
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වින්ග්සූට් බේස් ජම්පිං ලෙස හැඳින්වෙන, පැරශූටයක් වැනි ආධාරකයක් සහිතව ඉහළ ස්ථානවලින් පැනීමේ ක්‍රීඩාවේ මෙරට පැවැත්වෙන දෙවැනි ඉසව්ව අද නෙළුම් කුළුණ මුදුණේ සිට දියත් කරන බව නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ අද සහ හෙට දෙදින තුළ පෙරවරු 09 සිට මෙම වැඩසටහන දියත්කරන බවයි.
නෙළුම් කුළුණේ 29 වැනි මහලේ පිහිටි නිරීක්ෂණ තට්ටුවේ සිට පැනීම සිදුකෙරේ.
මෙම ඉසව්වට හයදෙනකු සහභාගී වෙති.
නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පැමිණ මෙම අවස්ථාව අත්විඳින ලෙසයි.
රෙඩ්බුල් ශ්‍රී ලංකා ස්කයිඩයිව් කණ්ඩායමේ ස්කයිඩයිව් ක්‍රීඩකයන් දෙදෙනකු අප්‍රේල් 30 වැනි දින නෙළුම් කුළුණේදී ප්‍රදර්ශනාත්මක පැනීමක පළමුවරට නිරත වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart