
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ සෑම වෛද්‍ය පීඨයකම ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.
මොරටුව, සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලවල අලුතින් ස්ථාපිත කරන ලද වෛද්‍ය පීඨ සඳහා අවසන් වසරේ මහාචාර්ය ඒකක පිහිටුවීමට තවමත් කටයුතු කර නැති බව ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක සඳහන් කරයි.
එම වෛද්‍ය පීඨවල අවසන් වසරේ සිසුන් මෙම වසරේ ඔවුන්ගේ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, එම මහාචාර්ය ඒකක පිහිටුවීම ආරම්භ කිරීමට තවමත් සැලසුමක් නොමැති බවත්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක්වත් නොමැති බවත්, ඔහු පෙන්වාදෙයි.
රටේ වෛද්‍ය අධ්‍යාපනය මෙවැනි ප්‍රශ්න ගණනාවක් මැද පවත්වාගෙන යන බවත්, ආචාර්යවරුන්ගේ හිඟයට විසඳුමක් පෙනෙන්නට නැති බවත්, හෙතෙම සඳහන් කරයි.
රට තුළ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීමට රජය ගෙන ඇති උත්සාහය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, එම විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයේ රෝහල්වලින් සායනික පුහුණුව ලබාදීමට දැනටමත් සැලසුම් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart