
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට අදාළව මෑතකදී හෙළිදරව් කරන ලද රහසිගත කරන ලද ලේඛන මගින්, කොළඹ ක්‍රියාත්මක කෙරුණු රහස් කඳවුරක් ඇතුළුව සීතල යුද්ධය අතරතුර CIA මෙහෙයුම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.
රුසියානු සහාය ලත් ජනමාධ්‍ය ආයතනයක් වන RT, එක්සත් ජනපද ජාතික ලේඛනාගාර සහ වාර්තා පරිපාලනය (NARA) විසින් නිකුත් කරන ලද ලිපිගොනු උපුටා දක්වමින් X සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තොරතුරු බෙදාගෙන ඇත.
CIA සංවිධානයට විවිධ ස්ථානවල රහසිගත කඳවුරු තිබූ බවත්, එමඟින් කලාපයේ එහි ක්‍රියාකාරකම් පිළිබඳ නව ආලෝකයක් විහිදුවන බවත් ලේඛනවලින් පෙනීයයි.
‘කළු අඩවි’ ලෙසද හඳුන්වන CIA රහස් කඳවුරු, සැකසහිත ත්රස්තවාදීන් රඳවා තබාගැනීම සහ ප්‍රශ්න කිරීම ඇතුළු විවිධ බුද්ධි මෙහෙයුම් සඳහා ඒජන්සිය විසින් භාවිත කරන රහසිගත මධ්‍යස්ථාන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart