
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදින් වසර 75,000 කට පෙර වාසය කළා යැයි සැළකෙන නියැන්ඩතාල් කාන්තාවක් කෙබඳු වනු ඇද්ද යන්නට පිළිතුරක් ලබාදෙමින් විද්‍යාඥයන් විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණයක් සිදුකර ඇති පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මීට වසර 75,000 කට පෙර මිනිසාගේ සමීපතම ඥාතියෙකුගේ රුව කෙබඳු වනු ඇත්ද යන්න නිරුපණය කෙරේ.
ත්‍රිමාණ ආකෘතියක් ලෙස මෙම රුව නිර්මාණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥයන් පිරිසික් මෙම ව්‍යාපෘතිය සිදුකර තිබේ.
මානව විද්‍යාඥ වෛද්‍ය එමා පොමරෝයි ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදී තිබේ.
මෙම ආකෘතියට පාදක වූ හිස් කබල ඉරාක කුර්දිස්තානයේ ශානිදාර් ගුහාවෙන් හමුවී ඇත.
එය 1950 ගණන්වලදී අවම වශයෙන් නියැන්ඩතාල් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 10 දෙනකුගේ දේහයන් සොයාගත් සුවිශේෂී ස්ථානයකින් සොයාගෙන තිබේ.
මෙම මානව හිස් කබලේ කැඩුණු කොටස් නැවත එකලස් කරමින් ඒවා ශක්තිමත් කරමින් මෙම කාන්තා රුව පර්යේෂකයන් ප්‍රතිනිර්මාණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart