
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 375ක් පමණ මුහුද යට නොපෙනෙන සේ සැඟ වී තිබූ ‘සීලන්තය’ (Zealandia) නම් මහාද්වීපයක් විද්‍යාඥයන් සොයාගෙන තිබේ.
පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පල වලින් ලබාගත් දත්ත භාවිතා කරමිනි.
මෙම පර්යේෂණයේ විස්තර Tectonics සඟරාවේ පළ කර ඇත.
නව මහාද්වීපය නවසීලන්තයට සමාන දූපත් අතලොස්සක් සමඟින් සියයට 94ක් දිය යට පවතී.
මෙය වර්ග සැතපුම් මිලියන 1.89 (වර්ග කිලෝමීටර මිලියන 4.9)පමණ විශාලත්වයෙන් යුතු මහාද්වීපයක් වන අතර එය මැඩගස්කරය මෙන් හය ගුණයක් විශාල වනු ඇතැයි සැළකේ.
එහි පැවැත්ම පිළිබඳ පළමු සාක්ෂිය වූයේ 1642 දී ලන්දේසි නාවිකයකු වූ Abel Tasman දක්ෂිණ අර්ධගෝලයේ පිහිටි විශාල මහාද්වීපයක් සොයාගැනීමේ මෙහෙයුමකට ගිය අවස්ථාවයි.
එය මීට වසර මිලියන 550 කට පමණ පෙර පිහිටි පුරාණ මහාද්වීපයක් වන ගොඩ්වානාවට අයත් වූ බව හදුනාගෙන ඇත.
මහාද්වීපයේ විශාල කොටසක් සාගරයට යටින් ගිලී ඇති බැවින්, සීලන්තය සාම්ප්‍රදායික මහාද්වීප තරම් හොඳින් අධ්‍යයනය කළ නොහැකි අතර එහි ආකෘතියේ සහ ව්‍යුහයේ නොගැලපීම් ඇති බවට ද අනුමාන කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart