
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ ලෝකේ ජීවත් වුණු විද්‍යාඳයෝ පුරා වසර ගණනාවක් එක්තරා පරීක්ෂණයක් කළා.
ඒ මීට වසර ගණනාවකට පෙර වඳවී ගිය ඩයිනෝසිරස්ලට නැවත ජීවය ලබාදෙන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවාද යන්න සොයන එක ගැන.
මෙන්න මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඩයිනෝසිරස්ලට නැතත් ආසන්න වශයෙන් වසර 13,000කට පෙර මිහිපිටින් සඳහටම වඳවී ගියා යැයි සැලකෙන වෘක විශේෂයක් වන Dire wolfලට ජීවය දෙන්න විද්‍යාඥයින්ට හැකියාව ලැබිලා තියෙනවා.
හිතාගන්නවත් බෑ නේද මේ විශිෂ්ට සොයා ගැනීම ගැන.
ලෝකය පුරා උන්මාදයක් වුණු Game of Thrones ටෙලි කතාවේ රසිකයෙක්ට නම් මේ Dire wolf සතුන් පිළිබඳ පැහැදිලි අදහසක් හිතේ නිර්මාණය කරගන්න පුළුවන්.
එක්සත් ජනපදය මූලික කරගත්ත Colossal’s Dallas රසායනාගාරයේදී තමයි මේ සාර්ථක පර්යේෂණය සිදුකරලා තියෙන්නේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන විදිහට වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ ඩිම්බ සෛලවල DNA අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරලා වඳවී ගිය ‘Dire wolf’ වෘකයන්ගේ ෆොසිලයකින් ඔවුන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වෙලා තියෙනවා .
ඒ වගේම මිහිමතින් වඳවී ගිය සතෙකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව ලෙස, මෙය ඉතිහාසගත වෙනවා.
‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කරලා පසුව පැටවුන් ලබාගැනීම සිදුකරලා තියෙනවා.
ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනෙකුට පණදීමට විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා. වගේම එම පැටවුන් කලේසි, රොමියුලස් සහ රීමස් යනුවෙන් නම්කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart