
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි සියලුම පාසල් හෙට (20) වසා තබන බවත් එම පාසල් සඳුදා (23) පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
කෙසේවෙතත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් වසා තැබීමේ කාලසීමා වෙනස් වේ.
සෙනසුරාදා (21) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් බ්‍රහස්පතින්දා (19) පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදෙන ලෙස සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
එම චක්‍රලේඛයේ සඳහන් පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් වසා තැබෙන්නේ එක් එක් පාසල්වලට අදාළ කාලසීමාව තුළ පමණක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart