
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිකවැරටිය ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවුපියෝ චෝදනා කරති.
මේ නිසා තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් මවුපියන් පිරිසක් එම පාසල ඉදිරිපිටදී අධ්‍යාපන බලධාරින්ට භාර දීම සඳහා ලිපියක් ඊයේ (19) අත්සන් තබා ඇත.
ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර ඊට පෙර දින රාත්‍රියේ සහ එදින උදෑසන ඔහුගේ උපකාරක පන්තියට සහභාගි වන දරුවන්ට සහ එම පාසලේ දරුවන් කොටසකට ලබාදීම හේතුවෙන් අනෙකුත් දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවට මොවුහු චෝදනා කරති.
මවුපියන් රැසක් එක්ව පාසල ඉදිරිපිටදී මෙලෙස අත්සන් තබන ලද ලිපිය නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට, පාසලේ විදුහල්පතිවරයාට, නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට යොමු කරන බව ද මවුපියෝ සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart