August 10, 2025

අද පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වැනිදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සියලු පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.

එමෙන්ම ඇය පෙන්වා දුන්නේ ප්‍රතිඵල සැකසීමට බලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන බවයි.

අද පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 දෙනෙකු දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,787කදී පෙනී සිට තිබිණි.