
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවක අර්ථසාධක(EPF) සහ සේවක භාරකාර(ETF) අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විෂයපථයට ඇතුළත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
විජිත් මලල්ගොඩ, ජනක් ද සිල්වා සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින දෙකක කාලයක් සියලු පාර්ශ්ව විභාග කිරීමෙන් අනතුරුව පෙත්සම ඉදිරියට ගෙනයෑමට අවසර දීම මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අධි විශ්‍රාමික අරමුදල්වලින් (EPF සහ ETF) රජය විසින් ලබාගන්නා ලද බැඳුම්කර (ණය) වල කාලසීමාව දීර්ඝ කිරීමට කරන ලද යෝජනාව මගින් අරමුදල් සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණයට දන්වා සිටියේය.
මෙම අයදුම්පතෙහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරු විසින් EPF, ETF අරමුදල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart