
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ කළ ඉල්ලීමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අවසරය ලබාදී ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 2025 පෙබරවාරි 24 වැනි දින විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී නීතිපතිවරයාට අවසර ලබා දී තිබිණි.
තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් පෙත්සම් 9ක් ගොනු කර තිබිණි.
2011 වසරේ මිරිහාන පොලිස් ස්ථානයේදී පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර වරදකරු කිරීම ඇතුළු ඔහුගේ අතීත වාර්තාව හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart