
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පවසති.
මේ වන විට ද ඉන්දියාවේ සිට කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය උතුරට ගෙන එන බවත්, පාලමක් තැනීමෙන් එය වඩාත් පහසුවෙන්ම සිදුකිරීමට පසුබිම සැකසෙනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත් මහනායක හිමියෝ සඳහන් කරති.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පෙරේදා (20 දා) පැමිණි අවස්ථාවේ මහ නාහිමියෝ මේ බව පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව පැවසුවේය.
මෙම පාලම ඉදිකිරීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතුවල වර්ධනයක් ඇතිවන අතරම උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු වන බවද හෙතෙම සඳහන් කළේය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ විහාරස්ථාන හා පිරිවෙන් 5000 කට ආසන්න සංඛ්‍යාවක සූර්ය පැනල සවිකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් එම ව්‍යාපෘති විවෘත කිරීම තරමක් පමාවන බවත් මහකොමසාරිස් සන්තෝෂ් ජා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසීය.
මේ වන විට බෞද්ධ විහාරස්ථාන 4000 ක සහ පිරිවෙන් 800 ක සූර්ය පැනල සවිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් තවත් විහාරස්ථාන 3000 කට ඉදිරියේදී සූර්ය පැනල ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart