
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉංග්‍රීසි කථන සංගමයේ (ESU) අන්තර්ජාතික මූලස්ථානය වන ලන්ඩනයේ ඩාර්ට්මූත් හි පසුගිය (12) වැනිදා සිට (16) වැනිදා දක්වා පැවැති 2025 අන්තර්ජාතික ප්‍රසිද්ධ කථන තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ දහසය හැවිරිදි සෂේන් දසනායක සමත් වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50 කට අධික සංඛ්‍යාවක වයස අවුරුදු 16-20 අතර සිසුන් සමග තරඟ කරමින් සිය බුද්ධිය, ගෝලීය දැනුවත්භාවය සහ ඔහුටම ආවේණික වූ ආකර්ශණිය කතා විලාසයෙන් සෂේන් දසනායක විනිසුරුවන් විස්මයට පත්කර ඇත.
නුගේගොඩ ලයිසියම් අන්තර්ජාතික පාසලේ ඉගෙනුම ලබන ඔහු, ශ්‍රී ලංකාවේ කලාප සහ ජාතික මට්ටමේ තරඟයන් සඳහා ඉදිරිපත්වීමෙන් සිය ගමන ආරම්භ කර ඇති අතර, එහිදී ඔහුගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම, තීක්ෂණ බුද්ධිය සහ කතාවේ අන්තර්ගතය නිරන්තරයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
ලන්ඩනයේ පැවැති ඔහුගේ අවසන් කතාව තුළින් එහි පැහැදිලි බව, ගැඹුර සහ කරුණු ඒත්තු ගැන්වීමේ ශක්තිය මනාව කැපී පෙනිණි.
ඉංග්‍රීසි කථන සංගමයේ ශ්‍රී ලංකා සභාපති තිලක් අමරසිංහ, මහලේකම් යස්මින් නිමලදාස, පවුලේ අය, ගුරුවරුන් සහ පාසල් මිතුරන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ඉතාමත් හරසරින් ඔහුව පිළිගනු ලැබීය.
“මෙම ශූරතාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන මම අතිශයින් ගෞරවයයක් ලෙස සලකනවා. මෙම වේදිකාව මා වෙනුවෙන් පමණක් නොව, වෙනසක් ඇති කිරීමට දැඩි උනන්දුවක් දක්වන ලොව පුරා සිටින බොහෝ දරුවන් වෙනුවෙන් කතාකිරීමට මට හඬක් ලබාදුන්නා” සෂේන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.
ශ්‍රී ලංකාව මෙලෙස අවසන් වරට අන්තර්ජාතික කථන ලෝක ශූරතාවක් දිනාගත්තේ 2000 වසරේදී බව ඉංග්‍රීසි කථන සංගමයේ ශ්‍රී ලංකා සභාපති තිලක් අමරසිංහ පැවැසීය.
අන්තර්ජාතික ප්‍රසිද්ධ කථන තරඟය සඳහා ලොව පුරා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකින් යුත් විවිධ අදියර හරහා සිසුන් 100,000 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟය සඳහා සහභාගී වන අතර එය විශාලතම තරඟය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart