
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා මෙරටදී පැවැත්වෙන අන්තර්ජාතික මාස්ටර්ස් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසිනි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් එක්වන මෙම ප්‍රවීනයන්ගේ තරගාවලියට, එම රටවලට ක්‍රීඩාකළ සුපිරි ක්‍රීඩකයෝ රැසක් ඇතුළත් වෙයි.
ඉන්දියාවේ මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණය, රාජ්කොට් හි නිරන්ජන් ෂා ක්‍රීඩාංගණය සහ රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණය යන පරිශ්‍ර මාස්ටර්ස් ලීග් තරඟ සඳහා සත්කාරකත්වය දරනු ඇත.
සහභාගී වන කණ්ඩායම් හය ජනප්‍රිය නායකයන් විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්, බටහිර ඉන්දීය කොදෙව් බ්‍රයන් ලාරා, ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර, ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන්, එංගලන්තය ඉයන් මෝගන් සහ දකුණු අප්‍රිකාව ජැක් කලිස් යන ක්‍රීඩකයෝ මෙහෙයවති.
මෙම තරගාවලියේ කොමසාරිස්වරු ලෙස සුනිල් ගවස්කාර්, විවියන් රිචඩ්ස් සහ ෂෝන් පොලොක් කටයුතු කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart