
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමෘද්ධි සහනය අවම තරමින් තවත් වසරක කාලයක්වත් ප්‍රතිලාභීන්ට ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
එසේම ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“ඉදිරි අයවැය යෝජනා වලට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට කටයුතු කරනවා. මෙහිදී අපි සමෘද්ධිය අඩුම තරමින් තවත් අවුරුද්දකට වඩා ලබාදිය යුතුයි. මෙයට හේතුව ගම්වල තියෙන ආර්ථික අපහසුතාවයන් එක්ක අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම තුළ යම් අසාධාරණයක් හා පීඩාවට පත් පිරිසක් ඉන්නවා. ජීවනෝපාය සංවර්ධනය සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකය නංවාලීමට වැඩපිලිවෙලක්, වැඩසටහනක් ගම තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුළින් ගමේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම ඔස්සේ එය ජාතික ආර්ථිකයට බලපෑමක් ඇතිකිරීමට හැකි වැඩපිලිවෙලක් විය යුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart