
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් සමිඩේර් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘සමිඩේර්’ (SAMIDARE – DD-106) නෞකාව, දිගින් මීටර් 151 ක් සහ නැව් මුළුව 195 දෙනෙකුගෙන් සමත්විත වේ.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලබන 29 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව ඇතැයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart