
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත.
මෙලෙස චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද සිටී.
2021 අබුඩාබි T10 ක්‍රිකට් ලීගයට අදාළ චෝදනා සහ එම තරඟාවලියේ තරඟ දූෂිත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ලකර තිබේ.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයාට අමතරව ක්‍රිෂාන් කුමාර් චෞද්‍රි (කණ්ඩායමක සම හිමිකරු), පරාග් සන්ග්වී(කණ්ඩායමක සම හිමිකරු)
,අෂාර් සයිඩි (පිතිකරණ පුහුණුකරුවෙක්), රිස්වාන් ජාවෙඩ් (දේශීය ක්‍රීඩකයෙක්), සනී ඩිලන් (සහාය පුහුණුකරුවෙක්), නසීර් හොසේන් (බංග්ලාදේශ ක්‍රීඩකයෙක්), ෂඩාබ් අහමඩ්(කණ්ඩායම් කළමනාකරුවෙක්) මෙලෙස චෝදනා ලැබුවන් අතර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart